මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස 2016 වසරේදී නම්කළ මෙරට තුළ යළිත් මැලේරියාව හිස ඔසවමින් පවතින බවට වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ.
වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ මැලේරියා රෝගීන් 20 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති අතර ඒ අතරට විදේශිකයින් තිදෙනෙකුද අයත් වෙයි.
සෙසු 17දෙනා ශ්‍රි ලාංකිකයින් වන අතර,ඔවුන් රුවන්ඩාව, දකුණු සුඩානය, උගන්ඩාව, ටැන්සානියාව, සියරාලියෝන් හා ගිනියාව ආදී රටවල් වල සංචාරය කර පැමිණි අය ලෙස හඳුනාගෙන තිබේ.
මැලේරියා රෝගය පිළිබඳ ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් පැය 24 පුරා දැනුවත් වීමට 071 – 284 1767 සහ 0117 626626 දුරකථන අංකවලට අමතන ලෙසත් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය මහජනතාවට දැනුම්දෙයි.