කොස්ගොඩ සහ හෝමාගම වෙඩි තැබිම් – දෙදෙනෙකු මරුට

ගාල්ල කොස්ගොඩ හිද්දරුව සහ හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු (21) වෙඩි තබා ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි.

අද (21) උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම ඔහුගේ නිවස ඉදිරිපිට සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් 52 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පුද්ගයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.

මියගිය පුද්ගලයා සිය නිවසේ සිටියදී නාඳුනන පුද්ලගයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිසිය පවසයි. 

වෙඩි වැඳීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි හෝමාගම, නියඳගල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තබා පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගොඩ සහ හෝමාගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply