නුවරඑළිය ඛේදවාචකයක් – ඇල්පිටියේ දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

නුවරඑළිය නගර ආසන්නයේ කොන්ක්‍රීට් තනමින් සිටී පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟට අඩි 25ක් උස තාප්පයක් අද (16) සවස කඩා වැටී පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වූ බව නුවරඑළිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල ඇල්පිටිය වැලිහේන මත්තක ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සහ 43 හැවිරිදි දෙදෙනෙකු බවද පොලිසිය පවසයි.

නුවරඑළිය නගර ආසන්නයේ වැඩබන් පාර පරණ කච්චේරිය අසල නිවසක 9 දෙනෙකුගෙන් යුතු පෙදරේරු වෘත්තිකයින් කණ්ඩායමක් තාප්පයක් හදමින් සිටියදී එහි යාබදව කොන්ක්‍රීට් අනමින් සිටි පෙදරේරුවන් දෙදෙනා මතට තාප්පය කඩාවැටී ඇති අතර අනතුර සිදු වූ ස්ථානයේම එම පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

මෙම අනතුරත් සමග එම ස්ථානයෙන් සේවය කරමින් සිටි අනෙකුත් පෙදරේරුවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව කඩා වැටුණු තාපපයේ කොටස් සිරුරු මතින් ඉවත් කර පසුව මියගිය පුද්ගලයන්  දෙදෙනාගේ සිරුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට නුවරඑළිය පොලිසිය කටයුතු කර ඇත.

හෙට (17) පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයට සිරුරු රැගෙන යාමට නියමිත බව නුවරඑළිය පොලීසිය වැඩිදුරටත් පවසයි.

Werzuo Digital

Leave a Reply