ඌරුබොක්ක දම්පහල මහා විදුහලේ රාජකාරි කරන සංවර්ධන නිලධාරිනියක සේවය නිමා කොට තම නිවෙස යද්දී තරුණයකු විසින් ඇගේ ගෙල කපා පපුවට පිහියෙන් ඇන මරාදමා ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන තරුණියකි.
පාසලේ සිට බසයෙන් පැමිණ පා ගමිනින් නිවෙසට යන අතර තුර මෙම තියුණු ආයුද ප්‍රහාරය එල්ල කර ඇති අතර ඇගේ කෑගැසිමට පැමිණි පිරිස ඇය වහා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු එම තරුණියගේ පෙම්වතා බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු ඝාතනය සිදුකළ ස්ථානයේ ගසක නැග සැගව සිටින බවත් එම ගස අවට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවත් පොලිසිය පවසයි