අකුණු සැර වැදී දෙදෙනෙක් මරුට

ඊයේ (27) සවස ගෝනගංආර පොලිස් වසමේ වගුරුවෙල ප්‍රදේශයේ වෙල්යායක පැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු අකුණුසැර වැදී මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

අකුණුසැර වැදී මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 31 හා 32 වයස්වල පසුවන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මෙම පුද්ගලයින් දෙදෙනා වෙල්යායේ වැඩකරමින් සිට ඇති අතර වර්ෂාව හේතුවෙන් අසල පැලකට ගොස් සිටියදී අකුණුසැර වැදී මෙම අනතුරට ලක්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

Leave a Reply