වතුගෙදර ආදාදොල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බවත් එහිදි වෙඩික්කරුට ඉලක්කය වැරදි ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු ඉලක්ක කර මේ වෙඩි තැබීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
ඔහු අසල්වාසී නිවසක පැවති මඟුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියෙන් යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.