අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.
එම දැනුම් දිම අනුව විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට ලබානොදී රඳවාගැනීම සිදුනොකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.