හක්කපටස් කා බල්ලෙකු මරුට – උගුල ඇටවු සැකකරු අත්අඩංගුවට

ගාල්ල පහලකිඹිය ප්‍රදේශයේ කැළිකසල ගොඩක අටවා තිබු හක්කාපටස් එකක් ආහාරයට ගැනිම නිසා සුනඛයකුගේ හිස කදින් වෙන්වි මියයාම සම්බන්ධයෙන් හක්කපටස් එක ඇටවු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොද්දල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහලකිඹිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

සැකකර වල් ඌරකු දඩයම් කිරිම සදහා මෙම හක්කාපටස් එක කැළිකසල ගොඩේ අටවා තිබු බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.

නිවසක ඇති කරණ සුනඛයකු විසින් මෙම හක්කාපටස් එක ආහාරයට ගැනිම නිසා සුනඛයාගේ හිස කදින් වෙන්වි තිබේ.

සත්වහිංසනය අනර්ථයක් සිදුකොට සුනඛයකු මරාදැමිම සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඊයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

Werzuo Digital

Leave a Reply