ඇල්පිටිය, ගාල්ල සහ මාතර යන පොලිස් කොට්ඨාශවල ඊයේ (20) සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 86 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන් 650 ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 253 ක් යුදහමුදා නිලධාරීන් 252 ක් හා නාවික හමුදා නිලධාරීන් 95 දෙනෙකු මෙහෙයුම සහභාගි විය.
අදාළ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් 1250 දෙනෙක් සහභාගී වී ඇත
එම ප්‍රදේශ ආවරණය වන පරිදි මාර්ග බාධක 58 ක් යතුරු පැදි සංචාර 24 ක් ජංගම සංචාර 25 ක් යෙදවූ බවත් නිවාස 186 ක් වාහන 1080 මෙන්ම පුද්ගලයන් 2436 පරීක්ෂාවට ලක් කර තිබේ.
මෙහි දී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් මෙන් ම වරෙන්තුකරුවන්, වෙනත් වැරදි සම්බන්ධ සැකකරුවන් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර තිබේ.
මෙහිදී හෙරොයින් ග්‍රෑම් 66ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23ක්, ගංජා ග්‍රෑම් 250ක් පොලිස් භාරයට ගත් බව වාර්තා වී ඇත