යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු අද (20) පෙරවරුවේ බොරැල්ලේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි කැලණියේ පදිංචිකරුවෙකු බවද පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා පිරිසුදු කිරීමේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පැමිණ සිටියදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත.
යතුරු පැදියෙන් පැමිණි වෙඩික්කරුවන් T56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි..
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.