මගේ මරණයට ටීචර් වග කියන්න ඕනෑ ලිපියක් ලියා සිසුවා දිවි නහගෙන

තමාගේ මේ මරණයට ගුරුවරියකගේ නමක් සදහන් කරමින් ටීචර් වග කියන්න ඕනෑ යැයි ලිපියක් ලියා තබා වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යයෙක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

එම ශිෂ්‍යයා කිසිදු හේතුවකින් තොරව සියදිවි හානි කර ගැනීමෙන් පසුව දෙමව්පියන් හා පොලීසිය විසින් ඔහුගේ පොත් බෑගය පරීක්ෂා කළ අවස්ථාවේදී ශිෂ්‍යයා විසින් ලියන ලද ලිපිය ඔහුගේ පොතක් ඇතුළත තිබියදී හමු වී තිබේ.

නිවසේ කිසිවකු නොමැති අවස්ථාවේදී එම ශිෂ්‍යයා ගෙළ වැළලාගෙන මියගොස් ඇති අතර නිවැසියන් පැමිණි පසුව දරුවා මියගොස් ඇති අන්දම දැක ඒ පිළිබදව පොලීසියට පැමිණිලිකොට තිබේ.

මියගිය ශිෂ්‍යයා වවුනියාව කෝවිල්පුදුකුලම් විද්‍යාලයේ 10 වෙනි වසරේ ඉගෙණුම ලබමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත.

සිසුවා විසින් නම සදහන් කොට අති ගුරුවරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කැදවා ඇති බව වවුනියාව පොලීසිය සදහන් කළේය.

වවුනියාව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම මරණය ගෙල වැලලා ගැනීමෙන් හුස්ම හිරවීමෙන් හා අධික කම්පනයෙන් සිදු වූ මරණයක් බවට වාර්තා කොට තිබේ.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Werzuo Digital

Leave a Reply