දකුණු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා අවදානම් සහිත ප්‍රදේශවල පාසල් නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා තිබෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම තීරණයට එළැඹ ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කලේය.
දකුණු පළාතේ ගංවතුර තත්ත්වය තරමක් ඉහළ ගොස් ඇති අතර නිල්වලා ගඟ ද මේ වනවිට පිටර ගලන අතර ගිං ගඟද යම් ප්‍රදේශවලින් පීටාර ගලමින් තිබෙන බව වාර්තාවේ.
FLOOD UPDATE – දකුණට මහ වැසි – ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි