වන අලි දෙදෙනෙක් දුම්රියේ ගැටී මිය යයි

අද (13) අලුයම 4.30 ට පමණ කන්තලේ කිතුල් උතුව ප්‍රදේශයේදී වන අලි තිදෙනකු දුම්රියේ ගැටී ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් එක් අලියෙකු තුවාල ලබා කැලයට ගොස් ඇත.

කොළඹ සිට ඊයේ (12) රාත්‍රීයේ ත්‍රීමලය දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ මෙම අලි තිදෙනා ගැටී ඇත.

මෙම අලි ගැටීම හේතුවෙන් දුම්රිය පැය දෙකක් පමණ ප්‍රමාදව ගමන් කර තිබේ,

Werzuo Digital

Leave a Reply