අතුරුදන්ව සිටි ගම්පොළ තරුණිය ඝාතනය කරලා ?

ගම්පොල ප්‍රදේශයේ පසුගිය ඉරිදා(07) සිට අතුරුදහන් වී සිටි තරුණිය ඝාතනය කර තිබෙන බවට අද (12) අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පාපොච්චාරනය කර තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්වී තිබුණේ ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති 22 හැවිරිදි තරුණියකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා,

“මේ සම්බන්ධයෙන් සැකකරුවෙක්ව පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ, ඔහු එම ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක්. එළුවන්ට ආහාර සඳහා තණකොළ කැපීමට ගිය අවස්ථාවකදී තරුණිය ඒ මාර්ගයේ ගමන් කර තිබෙන බව.”

“දැනට තිබෙන තොරතුරු අනුව ඔහු ඒ අවස්ථාවේදී උත්සාහ කරලා තිබෙනවා ඇයට අතවර කරන්න. ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම සැකකරු විසින් ඇයව කැළෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් තිබෙනවා.”

“එහිදී ඝාතනය කර තිබෙන බවට තමයි දැනට තිබෙන කරුණු අනුව නිරීක්ෂණය වෙන්නේ. ඝාතනයෙන් පසු සිරුර එම ස්ථානයේදීම වළදමා තිබෙනවා. නමුත් සිරුර මෙතෙක් හමුවී නැහැ.”

“අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක එම ප්‍රදේශයේම තරුණයෙක්. ඔවුන් එකිනෙකා හඳුනන අය බවත් වාර්තා වුණා.”

තම සේවා ස්ථානයට යාම සඳහා ඉකුත් ඉරිදා උදෑසන නිවසින් පිටත්වූ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා දින 5ක සිට අතුරුදන්වී තිබුණි

ගම්පොළ තරුණියක් අතුරුදහන්

Werzuo Digital

One thought on “අතුරුදන්ව සිටි ගම්පොළ තරුණිය ඝාතනය කරලා ?

Leave a Reply