හික්කඩුවේ මළ සිරුරක්

හික්කඩුව වැල්ලවත්ත මොලපු ඔයේ පාවෙමින් තිබු පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (10) රාත්‍රි සොයා ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රි ජලාශයේ මළ සිරුරක් පාවෙමින් තිබෙනු දුටු ප්‍රදේශවාසින් මළ සිරුර වැල්ලවත්ත පාලම අසලට ගෙනැවිත් පොලිසියට දන්වා ඇත.

පසුව පොලිසිය විසින් මළ සිරුර කරාපිටිය රෝහලට ගෙනැවිත් ඇත.

මියගොස් ඇති පුද්ගලයා දොඩන්දුව පටුවත පදිංචි 62 හැවිරිදි පෙදරේරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර පරිකෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply