දැරියකගේ නිරුවත් මළ සිරුරක් කළුතරින් සොයා ගනී

ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයකට තරුණයකු සමඟ පැමිණි 16 හැවිරිදි දැරියගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමග කාමරයේ රැඳී සිටි බව කියන තරුණයා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

16 හැවිරිදි දැරිය සමග සිටි තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

One thought on “දැරියකගේ නිරුවත් මළ සිරුරක් කළුතරින් සොයා ගනී

Leave a Reply