මොරකැටිය ප්‍රදේශයේ දී යතුරුපැදියක සුනඛයෙකු ගැටීමෙන් අද (06) සිදුවු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සුරියවැව පදිංචි 26 හැවිරිදි එක් දරු පියෙකු බවද පොලිසිය පවසයි.
සූරියවැව සියබද්දේගම ප්‍රදේශයට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස සුනඛයකු ගැටීමෙන් පසු යතුරුපැදිය අසල බෝක්කුව ගැටී පැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.
