කාන්තාවක් දූෂණය කළ තරුණයෙක් අත්අඩංගුවට

වෙසක් පොහෝ දිනයේ තම නිවසේ සිල් සමාදන් වෙමින් සිටී 47 හැවිරිදි කාන්තාවක් දූෂණයට කළ 27 හැවිරිදි තරුණයෙකු වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයා වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දූෂණයට ලක් වූ කාන්තාව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වතුර වීදුරුවක් ඉල්ලමින් නිවසට පැමිණ ඇති මෙම තරුණයා නිවසේ කිසිවෙක් නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව අදාළ කාන්තාව දූෂණයට ලක් කර ඇති බව‍යි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply