කජුගමදී බස් රථ දෙකක් ගැටී 23 දෙනෙකු රෝහලට

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේ දී අද (05) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.

මහනුවර සිට මීගමුව බලා ගමන් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා කොළඹ සිට මුතූර් බලා ගමන් ගත් ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුව තිබේ.

පෞද්ගලික බස් රථය වංගුවක් සහිත ස්ථානයේ දී තවත් වාහනයකට ඉස්සර කර ඇති බවත් එම අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි බස් රථයේ  මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ  බව පොලිසිය සඳහන් කරයි.

සියලු තුවාලකරුවන් වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර තුවාල ලැබුවන් අතර බස් රථ දෙකේ රියදුරන් දෙදෙනාද සිටි.

බස් රථ දෙකට ද දැඩි ලෙස අලාභ හානි වී තිබිණි

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද වාර්තාවේ.

අනතුර පිළිබඳව නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. 

Werzuo Digital

Leave a Reply