පුද්ගලයකුගේ වෘෂණ කෝෂය කපලා

ඌරුබොක්ක, බෙංගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ වෘෂණ කෝෂයක් කිසිවෙකු විසින් තියුණු ආයුධයකින් කපා දමා ඇති සිද්ධියක් වාර්තා වන බව පොලිසිය පවසයි

මේ වන විට තුවාලකරු අසාධ්‍ය තත්ත්වයේ ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ බෙංගමුව පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.

නිවසක් ඉදිරිපිට වැටි සිටියදි ප්‍රදේශවාසීන් විසින් සුව සැරිය ගිලන් රථයකින් ⁣හීගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවද අනාවරණය වි තිබේ.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මේ සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply