හබරාදුව, උණවටුන මැටරඹ ප්රදේශයේ නිවසක මුළුතැන්ගෙයි මේසයක් යට සඟවා තිබු රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා පවුම් 22ක රන් ආභරණ සොරකම් කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
තම දියණියන් දෙදෙනාගේද ඔවුන්ගේ ළමයින්ගේ සහ තමාගේද රන් ආභරණ කුඩා පෙට්ටිවල දමා ඒවා ප්ලාස්ටික් භාජයනක දමා සඟවා මුළුතැන්ගෙයි මේසයක් යට සඟවා තිබියදි සොරකම් කර ඇති බවට නිවෙස් හිමි කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ.