ටැන්සානියාවේ සිට ආ බේරුවල අයෙක් මැලේරියාවෙන් මරුට

මැණික් කර්මාන්තය සඳහා ගොස් ටැන්සානියාවට ගොස් එහි සිට ශ්‍රී ලංකාවට යලි පැමිණි බේරුවල පදිංචි පුද්ගලයෙකු මැලේරියාවෙන් මිය ගොස් ඇතැයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පැවසීය.

ඉකුත් 15 වැනිදා මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල චීන කොටුව නලින් හාජියාර් මාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක පුද්ගලයෙකි.

ඔහුට උණ රෝග ලක්‍ෂණ ඇති වී ප්‍රතිකාර ලබාගෙන ඇතත් මැලේරියා පවතින රටක සිට මෙරටට පැමිණි බව ඔහු වෛද්‍යවරයාට පවසා නැති බවත් අනාවරණය වී ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙරට මැලේරියා රෝගියකු අවසන් වරට මියගොස් ඇත්තේ 2007 වසරේදී වන අතර 2012 වසරින් පසුව අභ්‍යන්තර මැලේරියා රෝගීන් වාර්තා නොවූ බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඉන්දියාව, මැඩගස්කරය, ටැන්සානියාව ඇතුළු අප්‍රිකානු රටවල් මෙන් ම, මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් උණ රෝග ලක්‍ෂණ ඇතිව ප්‍රතිකාර ගැනීමට පෙර වෛද්‍යවරයා තමන් පැමිණි රට පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත යුතු බව ද වෛද්‍ය පුබුදු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Werzuo Digital

Leave a Reply