ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම ඕපාත ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසයි.
මෙසේ මියගොස් ඇති තවලම ඕපාත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
ගල්කිස්ස සිට ජලභීතිකා රෝගය වැළඳීමට පුද්ගලික මියගොස් ඇත්තේ වසර දෙකකට පසුව බවද සෞඛ්‍ය අංශ පවසයි.
මියගිය අය මාර්ගයේ සිටි කුඩා බලු පැටවුන් තිදෙනකු නිවසට රැගෙනවිත් ඇති අතරින් එක් බලු පැටියෙකු ඔහුගේ අතේ ඇඟිල්ලක් සපා කා ඇත. ඉන් දින තුනකට පමණ පසු බලුපැටියා මියගොස් තිබේ
මෙම පුද්ගලයා ජලභීතිකා එන්නත ලබාගෙන නොමැති අතර රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇත.
සුනඛයාගේ හිස වෛද්‍ය පර්යේෂණායතනය යොමුකර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ ජලභීතිකා වෛරස වැළඳීමෙන් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
සුනඛයකු සපා කෑමට ලක් වුවොහොත් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි