ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දුපතේ තුබාන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.0 ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.
මේ අතර මෙම ප්‍රබල භූමිකම්පාව රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.6 ක් ලෙස සටහන්ව ඇති යුරෝපීය භූ විද්‍යා ආයතනය පැවසීය.
පොළවේ සිට කිලෝමීටර 594 ගැඹුරින් මුහුදේ මෙම භූමිකම්පාව සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් ඉන්දුනීසියාවට හෝ අවට කලාපයට සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.