ඔස්ට්‍රේලියාවේ දියේ ගිලීමෙන් ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙකු මරුට

ඔස්ට්‍රේලියාවේදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු සහ ඔහුගේ පුතා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි වියේ පසුවූ පියා සහ 21 හැවිරිදි වියේ පසුවූ පුත්‍රයා බව එම වාර්තා සඳහන් කළේය.

ඔවුන් තවත් පිරිසක් සමඟ ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් හි දිය ඇල්ලක් නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

එහිදී දිය නෑමට ගොස් සිටි පියා ප්‍රථමයෙන් ජලයේ ගසාගෙන ගොස් ඇති අතර ඔහුව බේරාගැනීමට දියණිය සහ පුත්‍රයා උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් පසුව යළි ඔවුන් තිදෙනාම දියේ ගිලී ඇති ඇති බවත් එම අවස්ථාවේ දියණියගේ දිවි බේරී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Werzuo Digital

Leave a Reply