දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (11) අලුයම බද්දේගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

සිමෙන්ති ප්‍රවාහනය කළ ටැංකි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළීමෙන් අනතුර සිදුව ඇත. 

රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර එහිදී රියදුරුට සහ රිය සහායකට සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Werzuo Digital

Leave a Reply