සතුන්ට හිංසා නොවන සේ රතිඤ්ඤා පත්තු කරන ලෙස ඉල්ලිමක්

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සතුන්ට පීඩාවක් ඇති නොවන සේ ගිනි කෙළි දල්වන්නැයි පරිසරවේදීහු ඉල්ලීමක් කරති.

ඇතැම් පිරිස් සතුන්ට හිංසා ඇතිවන ආකාරයෙන් ගිනිකෙළි භාවිත කරන බවද ඔවුහු චෝදනා කරති.

අධික ශබ්ද සහිත රතිඤ්ඤා වැනි ගිනි කෙළි භාවිත කිරීම නිසා සතුන්ගේ ශ්‍රවණ ඉන්ද්‍රියයන්ට පවා හානි ඇති වන බවද පරිසරවේදීහු පෙන්වා දෙති. 

සතුන්ගේ කන් බෙර පවා මේ හේතුවෙන් පුපුරා යෑමේ අවදානමක් ඇති බවත් එවන් ආකාරයේ ක්‍රියා හේතුවෙන් එම සතුන් ආතතියට පත්වන්නේ පරිසරවේදීහු පෙන්වා දෙති

එමෙන්ම සතුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට ඒ හරහා අනතුරු ඇතිවන බවද නයනක රන්වැල්ල කීය. අධික ශබ්ද පිටවන සේ දැල්වෙන ගිනි කෙළිවල සංඛ්‍යාත උන්ට දරාගත නොහැකි යැයිද ඉන් උන්ගේ කන් බෙර පැළී යෑමට වුවද හැකියාවක් පවතින්නේ යැයිද පරිසරවේදීහු පෙන්වා දෙති.

ගිනි කෙළි දැල්වීමෙන් එම මොහොතේ සතුටක් ලැබුවද ඉන් පීඩාවට පත් වන සතුන්, අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවන හානිවලින් දැඩි වේදනාවට පත්වන බවද ඔවුහු ප්‍රකාශ කර තිබේ

Werzuo Digital

Leave a Reply