කරාපිටියේ සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රීයයි – රෝගින් අමාරුවේ

ගාල්ල – කරාපිටිය රෝහලේ පවතින සී.ටී. ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්ව තිබෙන බව වාර්තාවේ.

එක් යන්ත්‍රයක් පසුගිය වසරේ අක්‍රීය වූ අතර, අනෙක් යන්ත්‍රය ද මීට මාස කිහිපයකට පෙර අක්‍රීය වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එය යථා තත්වයට පත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් රෝගීන් මෙලෙස අපහසුතාවට පත්ව ඇත.

එම නිසා සී.ටී ස්කෑන් පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලින් සිදුකරගැනීමට රෝගීන්ට සිදුව තිබෙන බව රෝගීන් පවසයි.

Werzuo Digital

Leave a Reply