ගල්ඔය පොලිස්බල ප්‍රදේශයට අයත් විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක අද (02) පෙරවරුවේ සිදුවූ පිහි ඇනුමක් 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්ඔය පොලීසියට ලැබුණු තොරතුරක් මත ප්‍රහාරය එල්ල කළ ආයුධයත් සමග සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට සමත්ව තිබේ.
විහාර භූමියට ඇතුළු වුණු මෙම පුද්ගලයා විසින් මෙම සිසුවියට තියුණු ආයුධයකින් ඇන පළාගොස් තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් පොලීසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ලෙසට ඇයට පැවසුවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම අනතුර සිදුකළ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්වල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි
