ජල බිල්පත් නොගෙවූ ගෘහ සහ ගෘහ නොවන පාරිභෝගිකයන් 6000කට ආසන්න පිරිසකට නඩු පැවරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
මේ දක්වා ගෙවීම් පැහැරහැර ඇති පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1650ක මුදලක් අය විය යුතුව ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ අයකරගැනීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ සඳහන් කළේය.
රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, පාසල් ගෙවීම් පැහැර හැර ඇති ආයතන අතරට ඇතුළත්ව තිබේ.
ජල ගාස්තු ඉහළ දැමීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගමින් ජල බිල්පත් ගෙවීම සියයට 40කින් පමණ අඩුවී ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
