ගෙවල් හදන්න ගිහින් නිවාස බිඳ දේපළ හොරකම් කල මේසන් බාස් අල්ලයි

නිවෙස්වලට ගොස් මේසන් වැඩ කරන මුවාවෙන් ගොස් ගෙවල් බිඳුම් 30කට ආසන්න ප්‍රමාණයක් සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.

සැකකරු මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවත්, දිවයිනේ ප්‍රදේශ රැසක ගෙවල් බිඳුම් 30කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අයෙක් බවත් පොලිසිය පවසයි.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ට අයත් නිවසක අලුත්වැඩියා කටයුතු සිදුකරන මුවාවෙන් ගොස් පවුම් 20 ක පමණ රණ් භාණ්ඩ සොරකම් කර ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබූ රන් භාණ්ඩ තොගයක් සොයාගෙන හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 540ක් සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Werzuo Digital

Leave a Reply