තරුණයෙකු යටකර වෑන් රථයක් පලායයි

කාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ ඊයේ (27) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි සුංගාවිල, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ දී කාත්තන්කුඩි දෙස සිට මඩකලපුව දෙසට ගමන් කළ පාපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේ දී එම දිශාවටම ගමන් ගත් වෑන් රථයක් ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මඩකලපුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

අනතුර සිදුකළ වෑන් රථය එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Werzuo Digital

Leave a Reply