රාත්‍රී කාලයේ එකම හෝටලයට හොර රහසේ හය වරක් ඇතුළු වී එකම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර හතක් සොරාගත් පුද්ගලයෙකු ඉකුත් 22 වැනිදා පොකුණුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.
රත්නපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකි.
පොකුණුවිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් පසුගිය 14 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ සැකකරු කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර හතක් සොරාගෙන ඇති අතර ඒවා පානදුර ප්‍රදේශයේ ස්ථාන කීපයකට විකුණා තිබූ බව පොලිසිය පවසයි.
CCTV දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනයකින් පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු මීට පෙරද සිදු කළ සොරකම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ඇති බවද අනාවරණය වී තිබේ.
