මුහුද මැද ධීවරයින්ගේ මාළු මංකොල්ල කාලා

ත්‍රිකුණාමලය මුහුදේ මාලු අල්ලමින් තිබු ධිවර යාත්‍රාවක අල්ලන ලද මාලු තොගයක් ඊයේ (22) සවස තවත් බෝට්ටු තුනකින් පැමිණි පිරිසක් කොල්ල කා පලාගොස් ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා ප්‍රදේශයේ පදිංචි ධිවරයන් පිරිසක් වරාය පොලිසියට පැමිණිලි කර ඇත

ත්‍රිකුණාමලය කෝණේශ්වරන් කොටුව මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 11ක් ඈතින් මෙම මංකොල්ලය සිදු වි ඇති අතර එම  යාත්‍රාවේ අල්ලන ලද රුපියල් ලක්ෂ හයක් වටිනා මාලු මෙසේ කොල්ලකා ඇතැයි වරාය පොලිසිය පවසයි.

කොල්ලකෑමට රැගෙන ආ ධිවර යාත්‍රා තුනේ  ලියාපදිංචි අංක පොලිසියට ලබාදි ඇති අතර සිද්ධීය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි

Werzuo Digital

Leave a Reply