පේදුරුතුඩුවේ ධීවර බෝට්ටු 10 කට ගිනි තියලා

පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට කිසියම් පිරිසක් විසින් ඊයේ (22) රාත්‍රියේ ගිනිතබා තිබෙන බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.

මෙම ගිනි තැබීම කවුරුන් විසින් සිදුකර ඇති ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව පොලිසිය සඳහන් කරයි

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply