ඉන්ධනවලට ලබන මාසයේදී ජනතාවට දැනෙන සහනයක් දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අද ( 21) පැවසීය.
ඊට පසුව දෙසැම්බර් මාසයේදී විදුලි බිලටත් සහනයක් දෙන බව හෙතෙම සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳව විවාදයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා
“මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ මාසෙකට වතාවක් මාර්තු මාසයේදීත් ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපි අප්‍රේල් මාසයේත් ඒ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක වෙනවා. අපිට පේනවා බොරතෙල් මිල අඩුවෙනවා. රුපියල ශක්තිමත් වෙනවා පේනවා. ඒ නිසා ජනාධිපතිවරයාත් අපිට උපදෙස් දීලා තියෙන ආකාරයටම, අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරනකොට අපි ජනතාවට කියනවා. ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් ලබාදෙන්න කටයුතු කරනවා කියන එක.”
