සීදුව මාරක රිය අනතුරකින් පියා සහ පුතා ජිවිතක්ෂයට

සීදුව කොටුගොඩ මාර්ගයේ පඤ්ඤානන්ද විද්‍යාලය අසලදී ඊයේ (18) රාත්‍රියේ සිදු වූ මාරක රිය අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිත්කෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

රද්දොලුව, සීදුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක පියා සහ අවුරුදු 14ක ඔහුගේ පුතා මෙලෙස මියගොස් තිබේ.

කොටුගොඩ දෙස සිට සීදූව දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි පා පැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මියගිය දෙදෙනාගේ මෘත ශරීර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Werzuo Digital

Leave a Reply