අනිද්දා ඉදලා වැස්ස වැඩි වෙයි

රට තුළ අන්තර් මෝසම් ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතිම හේතුවෙන් මෙම මස 19 වැනිදායින් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද (17 ) බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Werzuo Digital

Leave a Reply