දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ දෙමව්පියන් අත්අඩංගුවට

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගිය බිළිඳාගේ මව්පියන් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසය.

26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබේ.ඒ අනුව පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඒ අනුව ඊයේ (10) මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබේ.

ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසයි.

දුම්රිය වැසිකිළියේ දමා ගිය කුඩා බිළිදෙකු බේරාගනි

Werzuo Digital

Leave a Reply