පියාගේ දැලිපිහි පහරින් තුවාල ලැබු පුතා රෝහලට

පස්සර ගෝනකැලේ වත්තේ දී සිය 18 හැවිරිදි පුතා දැලිපිහියකින් කැපූ පියෙකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ගෝනකැලේ වත්තරේන්දපොල පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.

පියා විසින් දැලිපිහියකින් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබු 18 හැවිරිදි පුතා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය පවසයි.

දැලිපිහියකින් කපා දැමීමෙන් මොහුගේ වම් අතට සහ උදරය ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල සිදු වී ඇති බවද වාර්තාවේ.

නිවසේ ඇතිවූ ආරවුලකදී පියා මෙලෙස පුතාට දැලි පිහියකින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වු බව පොලීසිය පවසයි.

Werzuo Digital

Leave a Reply