උණ්ඩ තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට

රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් බළපිටිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලිමකදි මිලි මිටර් 09 පතරොම් 225ක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගේ ව්‍යාපාරික ස්ථානයේ පිටුපස වල දමා තිබියදි මෙම පතරොම් තොගය සොයාගෙන ඇත. එහිදී ජංගම දුරකතනයක්ද සොයාගෙන තිබේ.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Werzuo Digital

Leave a Reply