දකුණු මුහුදේ අනතුරට පත් නවසීලන්ත යාත්‍රාවක් හම්බන්තොට වරායට

සමුද්‍රීය පර්යේෂණ කාර්යයක නිරත වෙමින් සිටියදී දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදේදී ආපදාවට පත්වූ නවසීලන්තයට අයත් ‘ලිට්ල් ඩොන්කි’ නැමැති පැදි යාත්‍රාවක සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙක් සමඟ අළුත්වැඩියාව සඳහා නිරුපද්‍රිතව හම්බන්තොට වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි 

පර්යේෂණ කාර්යක් වෙනුවෙන් බෙංගාල බොක්ක මුහුදු තීරය තුළින් ක්ෂුද්‍ර ජීවි සාම්පල ලබාගැනීම සඳහා තායිලන්තයේ සිට පැමිණි එම පැදි යාත්‍රාවේ පැදි පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට දකුණින් වූ මෙරට මුහුදේ අපදාවට ලක්ව තිබේ.

පසුව නාවික හමුදා යාත්‍රාවක් මඟින් ආපදාවට පත් එම පැදි යාත්‍රාව සහ එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනා ඊයේ (02) රාත්‍රියේ නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන පැමිණ තිබේ.

Werzuo Digital

Leave a Reply