ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට රුසියාවෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව විසින් යෝජනාවක් සමග අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පවසයි.

මෙය රාජ්‍යයන් දෙකක් අතර ක්‍රියාත්මක වන වැඩසටහනක් බව එහි සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9ක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර මෙම තත්ත්වයට පසුබිම්ව ඇත්තේ රුසියාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනාවයි.

මෙම බලාගාරය භූමිය තුළ ඉදිකරනවා ද ? නැත්නම් නෞකාවක සවිකර මුහුදේ තබා ක්‍රියාත්කමක කරනවා ද? යන්න තවමත් තීරණය කර නොමැති අතර අවබෝධතා ගිවිසුම අනුව රුසියානු කණ්ඩායමක් මගින් එම බලාගාරය ක්‍රියාත්මක කිරීමට යෝජිතය. 

එමෙන්ම වසර තුනක පමණ කාලයක් තුළ මෙරට කණ්ඩායමක් ඒ සඳහා පුහුණු කිරීමටද යෝජිතයි.

Werzuo Digital

Leave a Reply