ත්‍රීවීල් 5ක් උස්සා හෙරොයින් පානය කල අයෙකු අත් අඩංගුවට

මාසයක පමණ කාලයකදී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ත්‍රිරෝද රථ 5ක් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු එලෙස සොරා ගත් එක් ත්‍රිරෝද රථයක් විකුණා ඇත්තේ රුපියල් දෙදහස් පන්සියයකට බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

තලංගම, කඩුවෙල , කොටුව, කිරිබත්ගොඩ හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් වලින් එම ත්‍රිරෝද රථ සොරාගෙන තිබූ බව පොලිසිය පවසයි.

මිරිහාන පිටකෝට්ටේ හන්දියේ දී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් රැස අනාවරණ වූ බව පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මීට සති දෙකකට පමණ ඉහතදී තලංගම පොලිස් වසමින් සොරාගෙන තිබූ ත්‍රිරෝද රථයක් පදවාගෙන පැමිණ තිබූ බව පොලිසිය පවසයි.

සැකකරු සොරාගත් සියලුම ත්‍රිරෝද රථවල වටිනා කොටස් අලෙවි කර මත්කුඩු පානය කර ඇතැයිද පොලිසිය පවසයි. සොරා ගත් තවත් ත්‍රිරෝද රථ දෙකක් සැකකරු පදිංචි නාවල කොස්වත්ත නිවස පිටුපස දමා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් සොරා ගෙන තිබූ ත්‍රිරෝද රථයක් මිරිහාන ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදී රුපියල් 2500 ලබාගෙන ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කඩු‍ෙවලින් සොරාගත් ත්‍රිරෝද රථය දෙමටගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. 31 හැවිරිදි සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවද පොලිසිය පවසයි.

සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ

Werzuo Digital

Leave a Reply