මත්පෙති බී ගංජා සුරුට්ටුවක් පානය කළ අයෙකු මරුට

මත්පෙති දහයක් බී කේරල ගංජා සුරුට්ටුවක් ද පානය කිරිමෙන් පසු සිහිසුන් වූ පුද්ගලයකු හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට රෝහල් පොලීසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාමයේ පදිංචි තිස් තුන් හැවිරිදි දෙදරු පියෙකි

මියගිය අය මත්පෙති මෙසේ පානය කර ගංජා සුරුට්ටුවක් ද ඉරිමෙන් පසු සිහිසුන්ව නිවසේ ඇද වැටී සිටියදී ඉකුත් 4 වන දින තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී ඔහුගේ තත්ත්වය බරපතල බැවින් හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ. හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 11ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මෙලෙස මිය ගොස් තිබේ.

ඔහු රෝහලට ඇතුළත් කරනවිටත් මත් පෙති පානය කිරීම හේතුවෙන් ඔහුගේ මොළය මියගොස් තිබූ බව හම්බන්තොට රෝහලේ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ

Werzuo Digital

Leave a Reply