රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි 17 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මින් පෙර මෙම තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය 2023.01.27 දින රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර තිබු අතර එහි අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.02.10 ලෙස සදහන්ව තිබුණි. ඒ අනුව එම තරඟ විභාය සදහා අයදුම්පත් කැඳවිමේ අවසාන දිනය පෙබරවාරි 17 දක්වා දීර්ඝ කර තිබේ
රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු ඕනෑම උපාධිධාරියකුට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා පවතින අධික ගුරු පුරප්පාඩු පිරවීම සඳහා මෙම පියවර ගනු ලබන බවද එම අමාත්‍යාංශය පවසයි.
දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා මෙම ගුරුවරුන් බඳවාගනු ලබන බවද උසස් පෙළ ගුරු පුරප්පාඩු පිරවීමෙන් අනතුරුව සෙසු පන්ති සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
