ඇල්පිටිය අභිරහස් ද්විත්ව ඝාතනයේ සැකකරුවන් සොයා පරික්ෂණ

ඇල්පිටිය පහළ ඕමත්ත ප්‍රදේශයේ නිවෙසක විසූ කාන්තාවන් දෙදෙනෙකු ඉකුත්දා අබිරහස් ලෙස මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා කණ්ඩායම් කිහිපයක් මඟින් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

පහළඕමත්ත, ගණේගොඩ පදිංචිව සිටි 69 හැවිරිදි දෙදරු මව සහ ඇය සමඟ එම නිවසේම පදිංචිව සිටි ඇයගේ ස්වාමි පුරුෂයාගේ වැඩිමහල් සොයුරියක මෙසේ අබිරහස් ලෙස නිවස තුළම මරා දමා තිබුණ බවට සොයාගනු ලැබුවේ ඉකුත් පළමු වැනිදාය.

පොලිසිය විසින් මෙම අබිරහස් මරණ දෙක පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරනු ලැබු අතර ඒ අනුව ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණය පැවැත්වූ අතර, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

මෙම කාන්තාවන් දෙදෙනා මියගොස් ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවත් ඔවුන් මියයාමට පෙර කිසිදු ලිංගික අතවරයක් සිදුවී නොමැති බවත්, මෙම මරණ සිදුවී ඇත්තේ ඊට දින දෙකකට පමණ පෙර විය හැකි බවත් එම පරීක්ෂණ මඟින් නිගමනය කර තිබුණි.

මෙම මරණ සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පොලිස් සුනඛ අංශයේද සහයෝගය ලබාගෙන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර, කිහිපදෙනෙකුගෙන්ම මේ වන විට සාක්ෂි ද ලබාගෙන තිබේ. එහෙත් මෙතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත.

Werzuo Digital

Leave a Reply