තුර්කියේ සහන කටයුතු සඳහා ශ්‍රි ලංකා යුද හමුදා කණ්ඩායමක්

තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා හමුදා නිලධාරීන් කණ්ඩායමක් යැවීමට රජය තීරණය කර තිබෙි.

ඒ අනුව තුර්කියේ සහන සේවා සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300කගෙන් සමන්විත පිරිසක් පිටත්ව යාමට සූදානම් බව යුද හමුදාව පවසයි.

මෙම පිරිස යුද හමුදාවේ වෛද්‍ය නිලධාරීන් සහ ඉංජිනේරු බලකායේ නිලධාරීන්ගෙන් සමන්විතය.

මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් දිවයිනෙන් පිටව යාමට නියමිත මෙම කණ්ඩායමට  බ්‍රිගේඩියර්වරයෙකුද අනුයුක්ත බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.

මේ අතර තුර්කියේ භූමිකම්පා මාලාවකින් සිදුවූ ඛේදනීය ජීවිත හානි, තුවාල සහ විනාශයන් පිළිබඳව ජනාධිපතිවරයා තුර්කි රජයට කණගාටුව ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply