පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදහන්

පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයකු අද (05) පස්වරුවේ මුහුදේ රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

අතුරුදහන්ව ඇති තරුණයා තවත් තරුණයන් තිදෙනකු සමග පයාගල දියලගොඩ ප්‍රදේශයේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර අතුරුදහන් තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Werzuo Digital

Leave a Reply