75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමිවීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ
ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 588 ක් හෙට (04) නිදහස් කිරීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ පුනරුත්තාපනය වන සිරකරුවන් පිරිසක්ද මේ අතරට අයත් වන බව සදහන් වේ. මීට අමතරව බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 31දෙනෙකුට ද හෙට දිනයේ ජනාධිපති සමාව ලබා නිදහස් වීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය
